
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ‍්‍රාමික පරිපාලන සේවා නිලධාරී සනත් ජයන්ත එදිරිවීර පත්කර තිබෙනවා.
එම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස 06 දෙනෙකුද පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එහි අනෙකුත් සාමාජිකයන් වන්නේ එම්. සිත්ති මරීනා මොහොමඩ්, එන්.එච්.එම්.චිත‍්‍රානන්ද, මහාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන්, රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අගම්පොඩි දමිතා නන්දනීද සොයිසා, රංජනී නඩරාජපිල්ලෙයි සහ චන්ද්‍රරත්න පල්ලේගමයි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් මෙම පත් කිරීම් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.