
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදෙන ලද රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා වන චක‍්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප‍්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් වෙත අදාළ චක‍්‍රලේඛය නිකුත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක විසින්.
පළාත් පාලන ආයතන ඡුන්ද විමසීමට නාමයෝජනා ලබාදී වැටුප් රහිත නිවාඩු මත සිටින රාජ්‍ය නිලධාරීන්ට පසුගිය මාර්තු 09 වනදා සිට මේ මස 25 වනදා දක්වා වූ කාලය වැටුප් සහිත නිවාඩු ලෙස සලකා, ඔවුන්ට හිමි මූලික වැටුප ගෙවීමට කටයුතු කරන ලෙසයි එහි දැක්වෙන්නේ.