
අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ හෙට සාකච්ඡා කිරීමට අපේක්ෂාවෙන් සිටින බව මැතිවරණ කොමිසම පවසනවා. පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා මැතිවරණ කොමිසම විසින් මීට පෙර අග‍්‍රාමත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබුණා.
ඒ අනුව එම සාකච්ඡාව හෙට දිනයේදී බොහෝදුරට පැවැත්වෙනු ඇති බවයි මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව අනිද්දා දිනයේදී මැතිවරණ කොමිසමද රැස්වී පළාත් පාලන ඡුන්ද විමසීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටුවේ වාර්තාවද ඉදිරි දින කිහිපය තුළ විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදීමට නියමිත බව වාර්තා වනවා. එම වාර්තාව භාරදීම සඳහා සීමා නිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප‍්‍රිය අග‍්‍රාමාත්‍යවරයාගෙන් දිනයක්ද ඉල්ලා ඇති බවයි අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ.