
සිංහල දෙමළ අලූත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට පැළයක් සිටුවා අවුරුද්දට සිරිතක් – පරිසරයට පැලයක් වැඩසටහනට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම වැඩසටහන ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක‍්‍රියාත්මකයි.
ඒ අනුව ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙකුට ඖෂධ, පළතුරු, පැළැටි මෙන්ම දැවමය වටිනාකමකින් යුත් පැළයක් සිටුවීමෙන් මේ සඳහා එක්වීමේ හැකියාව පවතිනවා.
ඒ සඳහා පැළය සිටුවන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් මධ්‍යම පරිසර අධිකාරියට යොමුකළ හැකියි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 2 87 23 59 හෝ 011 2 87 22 78 දුරකථන අංකවලට සම්බන්ධ වීමෙන් ලබාගත හැකි බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
පැළ සිටුවීමෙන් වසරකට පසු සිදුකරන සමීක්ෂණයෙන් අනතුරුව නිසි ලෙස පැළ රෝපණය කළ සහ නඩත්තු කළ පුද්ගලයින්ට සහතික පත් ප‍්‍රදානය සිදුකිරීමට නියමිතව ඇත්තේ.