
සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වනදා දක්වා සති දෙකකින් කල් දමා තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය මෙලෙස එළඹෙන මැයි 15 වනදා පැවැත්වීමට නියමිතව තිබුණද උසස් පෙළ උත්තර පත‍්‍ර පරීක්ෂාව ප‍්‍රමාදවීම ඇතුලූ හේතු කිහිපයක් පදනම් කරගනිමින් මෙලෙස මැයි 29 වනදා දක්වා සති දෙකකින් කල් දමන බවයි.
පාසල් ගුරුවරුන් උසස් පෙළ උත්තර පත‍්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු වලින් ඉවත්වූයේ ඒ සඳහා ලැබෙන දීමනාව ප‍්‍රමාණවත් නොවන බව පවසමින්.
මෙම තත්වය සැළකිල්ලට ගෙනයි මෙලෙස සාමාන්‍ය පෙළ විභාගයද සති දෙකකින් කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.