
කාලය දීර්ඝ කරනු ලැබූ සුබසාධක ප‍්‍රතිලාභ සංගණන කටයුතු තවදුරටත් කල්යාමේ තත්වයක් උද්ගතව තිබෙනවා.
සුබසාධක ප‍්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ පසුගිය මාර්තු මස 31 වනදා අවසන් කිරීමට නියමිතව තිබූ සංගණන කටයුතු අද දක්වා කල් දැමුණද තවමත් එය අවසන් වී නොමැති බවයි. ඒ අනුව එම සංගණනය සම්පූර්ණ කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බව සුබසාධක ප‍්‍රතිලාභ මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.
ඇත්තම කියමු – ඇත්තම අයට ප‍්‍රතිලාභ දෙමු තේමාව යටතේ සමෘද්ධිය ඇතුලූ සුබසාධන දීමනා සැබවින්ම ලැබීමට සුදුසු පවුල් හඳුනාගැනීමේ සංගණනයක් ලෙසයි මෙම සමාජ ප‍්‍රතිලාභ සංගණනය සිදුකරනු ලබන්නේ. ඒ සඳහා අයදුම්පත් ලක්ෂ 37 ක් ලැබී තිබූ අතර, මේ වනවිට සංගණනයට ලක් කර ඇත්තේ පවුල් තිස් එක්ලක්ෂ 53,706 ක් පමණයි.