
අවුරුදු සමයේ ප‍්‍රධාන නගර ආශ්‍රිතව රථවාහන නවතා තැබීමේ දී සැළකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.
පසුගිය දින කිහිපයේ ප‍්‍රධාන නගර ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පැවතුනා. අවිධිමත් ලෙස රථවාහන නතරකර යාම ඊට හේතු වූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව අවිධිමත් ලෙස රථවාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප‍්‍රකාශ කළා.