
උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට අමතරව බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ උත්සව සමයේදී ව්‍යාජ වෙළඳුන්ගෙන්ද ආරක්ෂාවීමට ජනතාව වග බලගත යුතු බවයි.
මේ අතර අලූත් අවුරුදු සමයේ දන්ත සෞඛ්‍ය සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.
දරුවන් සහ වැඩිහිටියන් සීනි අධික ආහාර ගැනීම මෙම කාලය තුළ වැඩි වශයෙන් සිදුකරන බැවින් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් දත් දිරායෑම සිදුවිය හැකි බවයි දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර කියා සිටියේ.
එමෙන්ම උත්සව සමයේදී ගිණිකෙළි දැල්වීමට කුඩා දරුවන්ට ලබාදීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අංශ වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කරනවා.