
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිංගප්පූරු අධිකරණයකදී නඩු පැවරීම සඳහා බලය ඇති බවට ඊට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවට සහය දුන් ඕස්ට්‍රේලියානු නීති සමාගම ප‍්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ නැවේ හිමිකරු ඇතුලූ ප‍්‍රධාන පාර්ශවයන් සිංගප්පූරුව තුළ අදාළ කටයුතු සිදුකරගෙන යන බැවින් නඩුව සාර්ථකව මෙහෙයවීමට එහිදී වැඩි අවකාශයක් ලැබෙනු ඇති බවයි.
යම් නඩු තීන්දුවක් ක‍්‍රියාත්මක කිරීමේදී සමාගමේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි සිංගප්පූරු රාජ්‍යය තුළ හෝ එහි රක්ෂණ සමාගමේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි එංගලන්තයේදී එම කටයුතු පහසුවනු ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා.
ඒ අනුව නඩු කටයුත්ත ආරම්භවීමට ප‍්‍රථමයෙන් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය සම්බන්ධයෙන් හිමිකම් පෑමක් අදාළ සමාගම් වෙත යොමු කිරීමටයි නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වන්නේ.