
උදාවන සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත‍්‍රය අදට යෙදී තිබෙනවා.
ඒ අනුව කොහොඹ පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ඨ දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම යෝග්‍ය බවයි නැකැත් චාරිත‍්‍රවල දැක්වෙන්නේ.
මෙවර අලූත් අවුරුදු උදාව අනිද්දා අපරභාග 2.59 ට සිදුවනවා. එදින පූර්ව භාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති අතර, ආහාර පිසීමේ නැකත අපරභාග 3.29 ටයි යෙදී ඇත්තේ.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපර භාග 5.05 ට යෙදී තිබෙනවා.
හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය අප්‍රේල් 16 වන ඉරිදා පූර්ව භාග 9.41 ටද, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් 17 වන සඳුදා පූර්ව භාග 6.28 ට ද සිදුකළ යුතු බවයි නැකැත් චාරිත‍්‍රවල වැඩිදුරටත් දැක්වෙන්නේ.