
වලවේ ගෙඟ් දිය නෑමට ගිය පාසැල් ළමයින් දෙදෙනාගේ මළ සිරුරු සොයා තවදුරටත් විමර්ශන.
බලන්ගොඩ – වැලිහරණාව ප‍්‍රදේශයේ වලවේ ගඟේ දිය නෑමට ගිය පාසැල් ළමයින් හතර දෙනෙකු අතරින් දියේ ගිලී අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ මළ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි අවුරුදු 15 සහ 17 යන වයස්වල පසුවන්නන්.
එමෙන්ම කහවත්ත යායින්න හන්දිය ආසන්නයේ ගගේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ද ඊයේ මියගොස් තිබෙනවා. මොහු මිතුරන් සමඟ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ගගේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරුට මුහුණ දී ඇති අතර ඉන් මියගියේ අවුරුදු 41ක් වයසැති පුද්ගලයෙක්.
මේ අතර පුත්තලම කල්අඩිය ප‍්‍රදේශයේ බොරළු කපා ඉවත් කරන ලද වලක දිය නෑමට ගිය අවුරුදු 22ක් වයසැති තරුණයෙකු ද දියේ ගිලී මියගියා.