
උසස් පෙළ උත්තර පත‍්‍ර පරික්ෂා කිරීම්වලින් ඉවත්ව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ ද නැද්ද සම්බන්ධයෙන් තීරණය අද දහවල් ප‍්‍රකාශ කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක ප‍්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ කියා සිටියේ, පස්වරුවේ ඇරඹි සාකච්ඡා ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවනතෙක් පැවති බවයි.
ඒ අනුව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගනු ලැබූ තීරණය අද දහවල් ඒකාබද්ධ නිවේදනයක් ලෙස ප‍්‍රකාශ කරන බවද ඔහු කියා සිටියා.
රජයේ නව බදු ප‍්‍රතිපත්තියට එරෙහිව පසුගිය මාර්තු 9 වනදා සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතු වලින් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර, ඊට පෙර සිටම ඔවුන් උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු වලින් ද ඉවත් වුණා.