
දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවලට මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි.
ඇතැම් ස්ථානවලට රාත‍්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරුවලින් ආරක්ෂාවීමට ජනතාව පියවර ගත යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.