
දිවයින පුරා රජයේ පාසල් හෙට දින නියමිත පරිදි ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ මස 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරිමට අදාළව නව චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බැවින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් නොකරන බවයි.
මේ අතර රජයේ පාසල් හෙට දින නොපැවැත්වෙන බවට පැතිර යන ප‍්‍රචාරය අසත්‍ය බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා.
අලූත් අවුරුද්දට පාසල් සඳහා අප්‍රේල් 5 වනදා සිට 16 දක්වා නිවාඩු ලබාදී තිබූ අතර, ඒ අනුවයි හෙට දිනයේදී නියමිත පරිදි පාසල් පැවැත්වීමට සැළසුම් කර තිබුණේ.
කෙසේ වෙතත් හෙට දින පාසල් නොපැවැත්වෙන බවට අසත්‍ය ප‍්‍රචාරයක් පැතිර යන බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් කියා සිටියේ.