
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට සිට අධ්‍යයන කටයුතුවලට සහභාගිවීමට නියමිතයි. රජයේ බදු ප‍්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර තිබූ වර්ජනය හේතුවෙන් දින කිහිපයක් පුරාවට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුවූයේ නැහැ.
කෙසේ වෙතත් හෙට දිනයේදී අධ්‍යයන කටයුතුවල නියැලූනද සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සතුටුදායක නිගමනයකට එනතුරු උසස් පෙළ පිලිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් මේ වනතෙක් සරසවි ඇදුරන් අවසන් තීරණයක් ගෙන නැහැ.
මේ හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත‍්‍ර පරීක්ෂා කිරීම දින 60 කට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රමාදවයි පවතින්නේ.
ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ කඩිනමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදිය යුතු බවයි. එසේ නොමැති වුවහොත් තවදුරටත් අපහසුතාවට පත්වන්නේ පාසල් සිසුන් බවයි ඔහු ප‍්‍රකාශ කළේ.