
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට වසර 04 ක් සපිරෙන ලබන 21 වනදා විරෝධතාවක් සංවිධානය කර ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිිටියේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවස්ථානයේ සිට මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා මග දෙපස එම එම විරෝධතාව සිදුකරන බවයි.
21 වනදා උදෑසන 08 සිට 09 දක්වා සිදුකෙරෙන මෙම විරෝධතාවය සදහා ආගම් භේදයකින් තොරව සියලූ දෙනාට ආරධනා කරන බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියා.
එදින පෙරවරු 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක්ද පවත්වන බවයි මාධ්‍ය හමුවේදී උන්වහන්සේ කියා සිටියේ.