
අයර්ලන්තය සමඟ ගාල්ලේ පැවති පළවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 280 කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ තරගයේ තුන්වන දිනය වූ ඊයේ අයර්ලන්ත දෙවන ඉනිම ලකුණු 168 කට සීමා කිරීමත් සමඟයි.
ශ‍්‍රී ලංකාව පළමු ඉනිමේදී කඩුලූ හයකට ලකුණු 591 ක් ලබා ඉනිම අත්හිටවනු ලැබුවා. ශ‍්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 179 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික‍්‍රම සහ දිනේෂ් චන්දිමාල්ද ශතක වාර්තා කළා.
අයර්ලන්ත කණ්ඩායමට පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 143 ක් පමණයි. පන්දු යැවීමේදී ප‍්‍රභාත් ජයසූරිය අයර්ලන්ත පළමු ඉනිමේ කඩුලූ හතක් බිඳ හෙලූවා. යළි දෙවන ඉනිම ආරම්භ කළ අයර්ලන්ත ක‍්‍රීඩකයන්ට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 168 ක් පමණයි.
රමේෂ් මෙන්ඩිස් එහිදී කඩුලූ හතරක් බිඳ හෙලූ අතර, ප‍්‍රභාත් ජයසූරිය කඩුලූ 3 ක් ලබාගත්තා. ඒ අනුව ප‍්‍රභාත් ජයසූරිය මෙම තරගයේ ලබාගත් සමස්ත කඩුලූ සංඛ්‍යාව 10ක්.
මේ අතර අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකදී ටෙස්ට් කඩුලූ 50 ක් ලබාගත් ශ‍්‍රී ලාංකික පන්දු යවන්නා බවට රමේෂ් මෙන්ඩිස් පත්වුණා. ඒ, මෙම තරඟයේ අයර්ලන්ත දෙවන ඉනිමේ කඩුලූ 3 ක් දවාගැනීමත් සමඟයි. ඔහු අයර්ලන්ත දෙවන ඉනිමේ ලබාගත් සම්පූර්ණ කඩුලූ සංඛ්‍යාව 4 ක්.
ටෙස්ට් තරග 11 කට ක‍්‍රීඩා කර ඉනිම විසි එකකදී ඔහු මෙම දක්ෂතාව දක්වා තිබීම විශේෂත්වයක්. මීට පෙර දිල්රුවන් පෙරේරා ටෙස්ට් තරග 11 කට ක‍්‍රීඩා කර ඉනිම 22 කදී ටෙස්ට් කඩුලූ පණහේ සීමාව පසුකර තිබුණා.