
කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජ්‍යයට අයත් නෞකාවකට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස විදේශගතවීමට උත්සාහ කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිව්දෙනා ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඔවුන් ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
එක් අයෙකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා අදාළ පුද්ගලයින් ඒ සඳහා යොමුකළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා. නඩුව යළිත් වැඩිදුර විභාගය සඳහා ජුලි 20 වනදා කැඳවනු ඇති.
මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ යාපනයේ පදිංචි තරුණයන් සිව්දෙනෙක්.
මොවුන් නිති විරෝධි ලෙස විදේශ ගතවිමේ අරමුණින් කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජ්‍යයට අයත් භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවකට මාර්තු 24 වනදා හොර රහසේ ඇතුලූවී තිබුණා.
එය ඇමරිකාව බලා යාත‍්‍රා කරමින් සිටියදී සූවස් ඇල ආසන්නයේදී නැවේ සේවකයින් විසින් එම පිරිස සේවකයින් නොවන බවට හඳුනා ගැනිමෙන් පසු මාර්තු 26 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
පසුව නැව් පිළිබඳව කටයුතු කරන ගැක්ෂිපිං ආතනයට දැනුම් දීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාව දෙසට පැමිණෙන නෞකාවකට ඔවුන් භාරදී තිබුණා.
පසුව එම නෞකාවේ දැනුම්දීම මත පසුගිය 10 වනදා ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේදී ආගමන විගමන නිලධාරින් ටග් යාත‍්‍රාවකින් නෞකාව වෙත ගොස් මෙම තරුණයින් භාරගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට භාරදීමටයි කටයුතු කළේ.