
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ කැඳවීමට අනුව එහි පෙනී සිටීමට හිටපු නීතිපති ජනාධිපති නිතීඥ දප්පුල ද ලිවේරා අද පැමිණියේ නැහැ. ඒ වෙනුවට ඔහු නිතීඥයෙකු මාර්ගයෙන් පිටු 7ක ලිඛිත විරෝධතාවයක් ඉදිරිපත් කර තිබුණා.
හිටපු නීතිපතිවරයාව අද දිනයේ මෙලෙස ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණේ ඔහු විශ‍්‍රාම ගත් දිනයේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබඳව ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමටයි.
එහි දී ඔහු සඳහන් කර තිබුණේ, පාස්කු ප‍්‍රහාරය පසුපස දැවැන්ත කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වූ බවයි. ඊට සම්බන්ධ සියලූදෙනා සාක්ෂි හරහා අනාවරණ කළ යුතු බව හිටපු නිතිපතිවරයා දක්වා තිබුණා.
කුමන්ත‍්‍රණය සිදුකළ පුද්ගලයින් වෙනම තලයක සිටින බවත්, සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළද, ඔහුත් මෙම කුමන්ත‍්‍රණකාරී පුද්ගලයින්ගෙන් එක් අයෙකු පමණක් බවයි හිටපු නීතිපති ජනාධිපති නිතීඥ දප්පුල ද ලිවේරා ප‍්‍රකාශ කර තිබුණේ.