
ජාතික අක්ෂි රෝහලේ සිදුකරන ශල්‍යකර්ම නවතා දමා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
එහි සභාපති රවී කුමුදේශ් සදහන් කළේ ශල්‍යාගාරයට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් ශල්‍යකර්ම නතර කර ඇති බවට රෝගී ජනතාව වෙත දැනුම් දී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය 13 වනදා සිට රෝහලේ සිදුකෙරෙන ශල්‍යකර්ම තාවකාලිකව නවතා දමා ඇති බවයි.