
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ගිවිසුමට අදාළ විවාදය ලබන 26, 27 සහ 28 යන දින තුනෙහි පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අද පෙරවරුවේ එම කාරක සභාව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.
පාර්ලිමේන්තුව කටයුතු ලබන 25 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට ද එහිදී එකඟතාව පළවුණා. 25 වනදා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් කිහිපයක් විවාදයට ගනු ඇති.
පසුව 26 වනදා, රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇමරිකානු ඩොලර් බිලියන 3 ක පමණ විස්තීරණ අරමුදල් පහසුකමට අදාළව සැකසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලූම අනුමැතිය මුදල් අමාත්‍යංශයට ලබාදිය යුතු බවට වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
එය විවාදයට ගැනීමෙන් අනතුරුව අවශ්‍ය නම් ඡන්ද විමසීමක්ද පැවැත්වෙනු ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ.