
මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලූම ඊයේ වාර්තා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව, බලශක්ති උත්පාදනය සදහා ගිගාවොට් පැය 49.53ක බලශක්ති ඉල්ලූමක් වාර්තාවූ අතර අද දින සඳහා ගිගාවොට් පැය 50 ඉක්ම වන බලශක්ති ඉල්ලූමක් පුරෝකථනය කරන බවයි ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ.
මෑතකදී පිහිටුවන ලද හම්බන්තොට ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ජනන යන්ත‍්‍ර ඇතුළු සියලූම ලංකා විදුලි බල මණ්ඩලයේ තාප බලාගාර විදුලි උත්පාදනය සදහා යොදා ගැනෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.