/
/
title icon
ඉල්ලපු රිලවෙක් නෑ – චීනය කියයි.
ඉල්ලපු රිලවෙක් නෑ – චීනය කියයි.
Editor
1 year ago
Share:
ඉල්ලපු රිලවෙක් නෑ – චීනය කියයි.

මෙරට රිලවුන් ලක්ෂයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකු වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා.

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කාර්යාලය සදහන් කළේ චීන ජාතික වන විද්‍යා හා තණබිම් පරිපාලන ආයතනය විසින් එවැනි කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.

එමෙන්ම, චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ වනජිවීන්ගේ ආරක්ෂාව සදහා ප‍්‍රමුඛත්වය ලබාදෙන බවයි. ඒ සදහා වන ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීම වෙනුවෙන් චීනය සක්‍රීය ලෙස දායක වන බවද ඔවුන් පවසනවා.

මේ අතර, චීනයට රිළවුන් ලබාදිය හැක්කේ ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරන ලද කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා ප‍්‍රකාශ කළා.

මේ අතර, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ අද ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේට ඊමේල් පණිවුඩයක් යොමුකර තිබුණා. ඒ මෙරට රිලවුන් චීනයට ලබාදීමට විරෝධය පළ කරමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required