
වාර්ෂික සමස්ත ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන්නේ නම් ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කරගැනීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දෙවන මහලේ ස්ථාපිත කර ඇති ලියාපදිංචි අංශයට පැමිණ හෝ ඊ සේවාව මගින් එලෙස ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කරගැනීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඊ සේවාව ඔස්සේ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් ලිපි ගොනුවක් විවෘත කිරීම සඳහා අවස්ථාව පවතිනවා. එසේම සියලූම දේශීය ආදායම් ප‍්‍රාදේශීය කාර්යාලවලදීද ආදායම් බදු ලිපිගොනු විවෘත කරගැනීම සඳහා පහසුකම් සපයා තිබෙනවා.
ලිපි ගොනුවක් විවෘත කරගැනීම සඳහා අවශ්‍ය ආකෘති පත‍්‍ර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් බාගත කරගැනීමේ හැකියාව පවතින බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.