
අනුරාධපුර – කැකිරාව – පලාගල ප‍්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරඟයකට එක්වූ තම 15 හැවිරිදි සොහොයුරාට සහය පළ කරමින් ඔහු සමඟ දිවගිය වයස අවුරුදු 10 ක ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන තරඟය අතරතුර ඔහු බිම ඇද වැටී ඇති අතර, පසුව කලාවැව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කරන යවන අවස්ථාවේ මෙම ළමයා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.