
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත්වීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුවූ පරිසර හානියට අදාළ වන්දි ඉල්ලා හෙට දිනයේ සිංගප්පූරු අධිකරණයකදී නඩු පැවරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන්දියාවේ හසීරා වරයේ සිට යාත‍්‍රා කළ මෙම නෞකාව කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වුණේ 2021 වසරේ මැයි 20 වනදායි.
නයිට්‍රික් ඇසිඩ් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහිත බහලූම් 1,486 ක් නෞකාවේ තිබූ අතර, ගිනි ගන්නා අවස්ථාවේදී ඉන් බහලූම් විශාල ප‍්‍රමාණයක් මුහුදුබත් වී තිබුණා.
අදාළ නෞකාවට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් තවත ඉතිරිව ඇත්තේ දින 45 ක පමණක් කාලයක් බවත් සිංගප්පූරුවේ නඩු පැවරීම අවාසි සහගත බවටත් පරිසරවේදීන් ඇතුළු නීතීඥයින් අදහස් පළ කළා.
ඇමරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දි මුදලක් ලබාගැනීමට අදාළ විද්වත් කමිටු වාර්තාව සමුද්‍රිය පරිසර අධිකාරි වෙත යොමුකර තිබුණේ පසුගිය සතියේදියි.
ඒ අනුව එම වාර්තාව මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව මීට පෙර සඳහන් කළේ අදාළ වාර්තාව ඇසුරින් වන්දි මුදල් ලබාගැනීම සඳහා නඩු පැවරීමේ කටයුතු සිදුකරන බවයි.