
ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට යළි ආරම්භ කිරීමට නියමිතයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව ලැබීමෙන් පසු සියලූ සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීමෙන් පසු මෙලෙස අක්ෂි රෝහලේ කටයුතු යළි ආරම්භ කරන බවයි.
ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය භාවිත කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් ජාතික අක්ෂි රෝහලේ සැත්කම් පසුගියදා නවතා දැමුණා.
අනතුරුව එම ඖෂධ සාම්පල ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ අතර, මතභේදයට තුඩුදුන් අදාළ ඖෂධ කාණ්ඩය රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගත්තා.
ඇසේ සුද ඉවත් කිරීමේදී භාවිත කරන ඖෂධයක් වන ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය 2021 වසරේ සිට මෙරට භාවිතයට ගනු ලබන බවයි අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.
කෙසේ වෙතත්, එම ඖෂධය භාවිතයට ගත් රෝගීන් කිහිප දෙනෙකු විවිධ සංකූලතාවන්ට ලක්වීමත් සමඟ එය භාවිතය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවුණා.
එමෙන්ම, ජාතික අක්ෂි රෝහලේ ශල්‍යාගාර තුළ විෂබීජයක් පැතිරයෑමටද එය හේතු වී ඇති බවටයි සැක පළ වුණේ.