
යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලතම දළ ඇතා ලෙස සැළකෙන “දළ කොටා” නම් හස්තියා මියගොස් තිබෙනවා.
අසනීප තත්වයෙන් සිටි අවුරුදු 40 ක් වයසැති මෙම හස්තියාට අවස්ථා කිහිපයකදී වනජීවී නිලධාරීන් විසින් ප‍්‍රතිකාර කර තිබුණා.
කෙසේ වෙතත්, පෙරේදා දිනයේ ලූණුගම්වෙහෙර ජලාශය ආසන්නයේ මියගොස් සිටියදී හස්තියාගේ සිරුර හමුවූ බවයි වනජිවී නිලධාරීන් පවසන්නේ.
දළ කොටා හස්තියා යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වූ සත්වයෙකු ලෙසයි සැළකෙන්නේ.