
2023 යල කන්නයේදී අපේක්ෂිත මෙට්‍රික් ටොන් 90,000 ක ඉලක්කය සපුරා ගතහොත් මේ වසර තුළ යළි බඩඉරිඟු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම, දැනට සැළසුම් කර ඇත්තේ මේ වසරේ යල කන්නය සඳහා හෙක්ටයාර විසි දහසක භූමි ප‍්‍රමාණයක බඩඉරිඟු වගා කිරීමටයි.
මේ අතර බඩඉරිඟු ගොවීන් දිරිගන්වන සියලූ වැඩසටහන් විදේශ අරමුදල් මත ක‍්‍රියාත්මක ව්‍යාපෘතිවලින් පමණක් සිදුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.