
පාසැල් සිසුවෙකුගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට තැත් කළ බවට සැකපිට සීදූව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ දේවගැතිවරයෙකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, ඔහු මිගමුව වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සීදූව – ලියනගේමුල්ල ප‍්‍රදේශයේ දේවගැතිවරයෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.
සැකකාර දේවගැතිවරයා 15 හැවිරිදි මෙම සිසුවාට නිරුවතින් සිට වට්ස්ඇප් විඩියෝ ඇමතුම් ලබා ගන්නා ලෙසට කිහිප අවස්ථාවකදී ඉල්ලීම් කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වනවා.