
උත්සව සමය වෙනුවෙන් ඉහළ දැමූ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙනතුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ඛනිජ තෙල් සංස්ථා ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.
එසේම ඉන්ධන කෝටාව ඉහළ නැංවීමෙන් කිව් ආර් කේතය අවභාවිත කිරීමද සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.
ඉන්ධන හල් මගින් කෝටාව වැඩි කිරීමට පෙර පෙට‍්‍රල් නිකුත් කිරීමේදී සියයට 24 ක්, කිව් ආර් ක‍්‍රමවේදයට පරිබාහිරව නිකුත් කර තිබූ අතර, මේ වනවිට එය සියයට 14 දක්වා පහත වැටී තිබෙනවා.
ඩීසල් නිකුත් කිරීමේදී සියයට 28ක්ව පැවති එම අගය කෝටාව වැඩි කිරීමෙන් අනතුරුව සියයට 15 දක්වා පහත වැටී ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ.