
මෙරට රජයේ රෝහල් වල වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය රුපියල් බිලියන 1.3ක ආධාරයක් පිරිනමා තිබෙනවා.
ඊට අදාල හුවමාරු පත‍්‍ර වලට අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේදි සිදුකෙරුණේ එම අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මෙරට ජපන් තානාපති මිසුකොෂී හිදෙයකි අතරයි.
මේ යටතේ සියලූම පළාත් ආවරණය වන පරිදි රෝහල් 15 ක සායනික අපද්‍රව්‍ය දහන යන්ත‍්‍ර සවිකිරීම සිදුකෙරෙනු ඇති.