
ලෝකයේ ඉහළ ආහාර උද්ධමනයක් රටවල් 10 ඇතුළත දර්ශකයෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා.
ලෝක බැංකුවේ මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ඉහළම උද්ධමනය සහිත රට ලෙස සඳහන් කර ඇත්තේ ලෙබනනයයි.
එහිි උද්ධමනය ප‍්‍රතිශතය සියයට 261 ක්. සිම්බාබ්වේ දෙවන ස්ථානයේ පසුවන අතර එහි ප‍්‍රතිශතයක් ලෙස සියයට 128ක වනවා.
ආර්ජන්ටිනාව, ඉරානය, තුර්කිය, ඊජිප්තුව, රුවන්ඩාව ඇතුළු රටවල් ද පිළිවෙළින් ආහාර උද්ධමන දර්ශකයේ ඉහළින් පසුවනවා. පසුගිය වසරේ සිට ශ‍්‍රී ලංකාව මෙම දර්ශකයේ මුල් රටවල් 3 අතරට ඇතුළත්ව තිබුණා. ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 47යි දශම 6ක්.