
විදේශගත ශ‍්‍රමිකයන්ට මෙරටට පැමිණෙන විට ගුවන්තොටුපළේදී ලබාගත හැකි තීරුබදු රහිත භාණ්ඩ වටිනාකම් දීමනාව මැයි මස පළමුවනදා සිට ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව පිළිගත් බැංකු පද්ධති හරහා විදේශ විනිමට මෙරටට එවා ඇති ලාංකික විදෙස්ගත ශ‍්‍රමිකයන්ට කාණ්ඩ 05 ක් යටතේ එම සහනය ලබාගත හැකි බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ.
ඇමරිකානු ඩොලර් 2,400 සිට 4,799 ක් දක්වා විදේශ විනිමට එවා ඇති ශ‍්‍රමිකයන්ට ඩොලර් 600 ක අමතර තීරු බදු සහනයක් හිමිවන අතර ඩොලර් 4800 සිට 7,199 දක්වා එවා ඇති ශ‍්‍රමිකයන්ට හිමිවන අතිරේක දීමනාව ඩොලර් 900 ක්.
එමෙන්ම ඩොලර් 7200 සිට 11,900 දක්වා එවා ඇති ශ‍්‍රමිකයන් සඳහා ඇමරිකානු ඩොලර් 1,440 ක අතිරේක දීමනාවක්ද හිමිවන බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ.
තවද ඩොලර් 12,000 සිට 23,999 ක් දක්වා එවා ඇති ශ‍්‍රමිකයන්ට ඩොලර් 2,400ක අතිරේක දීමනාවක් හිමිවන අතර ඩොලර් 2,400 ට වැඩියෙන් එවා ඇති අයට හිමිවන අතිරේක දීමනාව ඩොලර් 4,800 ක්.
මීට අමතරව විදේශගත ශ‍්‍රමිකයන්ට රුපියල් මිලියන 02 ක් දක්වා අඩු පොලී ණයක් ලබාගත හැකි ක‍්‍රමයක් හදුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
මෙම තීරු බදු සහන ඉහළ නැංවීමට අදාළ චක‍්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනය කළේ.