
සුඩානයේ, පෝර්ට් සුඩාන්හි ස්ථාපනය කළ තාවකාලික මෙහෙයුම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස සුඩානයේ ගැටුම්වලට මැදිව සිටින ශ‍්‍රී ලාංකිකයින්ට විදේශ අමාත්‍යංශය දැනුම් දෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබි‍්‍ර සඳහන් කළේ පෝර්ට් සුඩාන්හි එම මෙහෙයුම් කාර්යාලය ශ‍්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව ස්ථාපනය කර ඇති බවයි.
මේ අතර ගැටුම්වලට මැදිව සිටින ශ‍්‍රී ලාංකිකයින් දැනට සෞදි තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් පෝර්ට් සුඩානි නගරයේ හෝටලයක් තුළ තාවකාලිකව රඳවා සිටිනවා.
පවතින තත්ත්වය මත ශ‍්‍රී ලාංකිකයින්ට දුරකථන පහසුකම් ලබාදීමටද අපහසු වී ඇති බවයි විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.
එසේම පවතින තත්ත්වය මත අවශ්‍ය මැදිහත්වීම් සඳහා සෞදි තානාපති කාර්යාලයේ වෙනම නිලධාරියෙකු අනියුක්ත කර ඇති අතර තොරතුරු ලබාදීම සඳහා 00 24 99 99 10 757 දුරකථන අංකය හදුන්වා දී තිබෙනවා.
සුඩානයේ ක‍්‍රියාත්මක මිලිටරි පාලන ක‍්‍රමවේදයට අනුගත විවිධ කණ්ඩායම් අතර ගැටුම් හටගත්තේ පසුගිය 15 වනදා සිටයි.
ගැටුම්වලට මැදිවූ සුඩානයේ වැසියන් 450 කට අධික පරිසක් මියගිය අතර 4000 කට අධික පිරිසක් මේ වන විට තුවාල ලබා තිබෙනවා.
ගැටුම්වලට මැදිවූ ශ‍්‍රී ලාංකිකයින් 13 දෙනෙකු සුඩානයෙන් ඉවත්කරගෙන ඇති අතර ඔවුන් සෞදි අරාබියේ ජෙඩා නගරයට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ සඳහන් කළා.