අයර්ලන්තයට එරෙහිව පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 10 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව, දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියද 2 ට බින්දුවක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 492 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 704 ක් ලබා ඉනිම අත්හිටුවනු ලැබුවා.
අයර්ලන්තයට දෙවන ඉනිම සඳහා සියලූදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණයි. ප්‍රභාත් ජයසූරිය මෙම තරගයේදී වාර්තා පොතට එක්වුණේ ලොව අඩුම තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලූ 50 පසුකළ දඟ පන්දු යවන්නා ලෙසයි.
එසේම අඩුම තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලූ 50 ලබාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමටද මෙහිදී ඔහුට හැකි වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ 100 වන ටෙස්ට් ජයග්‍රහණය ලෙසද මෙය ඉතිහාස පොතට එක්වනවා.