
ප්රංශයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන අමල් ශමින්ද සිල්වා හෙවත් රත්මලාන ගොනා කෝවිලේ කුඩු අංජු කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ කුඩු සළිදු මෙරටට ගෙන්වා ගත් ආකාරයටම කුඩු අංජුද මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි.
කුඩු අංජු ප‍්‍රංශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ බිරිඳ කරන ලද පැමිණිල්ලකට අනුවයි. කුඩු අංජු වෙනත් කාන්තාවක් සමඟ සිටින බවට සඳහන් කරමිනුයි ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ මෙම පැමිණිල්ල සිදුකර තිබුණේ.
ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනය ඇතුළු තවත් ඝාතන කිහිපයක් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.