
වෙසක් පුර පසළොස්වක පෝය දිනයේ සහ ඊට පසුදින උප ඡායා චන්ද්‍රග‍්‍රහණයක් සිදුවීමට නියමිතව තිබෙනවා.
එම උප ඡායා චන්ද්‍රග‍්‍රහණය ආසියාව, දකුණු සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ සමහර ප‍්‍රදේශවලට දිස්වන බවයි වාර්තා වන්නේ.
ලබන පස්වනදා රාත්‍රි 8.44 ට ආරම්භ වී ඊට පසුදින අලූයම 1.1 දක්වා පැය 4 යි විනාඩි 18 ක කාලයක් එය දිස්වන බවයි ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය සඳහන් කළේ.