
අද මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 7 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 10 කින් පහත දැමීමට තීරණය කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 135 කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 333 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 365 ක්.
ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310 ක් වන අතර, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 330 ක් වනු ඇති.
ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හී මිල ගණන් වෙනසක් සිදු නොවන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.