
යල කන්නය සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට ගොවි ජනතාවට මැයි මාසයේ මුල සිට මුදල් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ හෙක්ටයාරයකට රුපියල් විසි දහසක් සහ හෙක්ටයාර දෙකකට රුපියල් 40,000 බැගින් එලෙස මුදල් ලබාදීමට කටයුතු කරන බවයි.
එම මුදල් ගොවි ජනතාවගේ බැංකු ගිණුම්වලට යොමු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ කියා සිටියේ.