
ප‍්‍රංශයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන අමල් ෂමින්ද සිල්වා හෙවත් රත්මලාන ගොනා කෝවිලේ කුඩු අංජු මසක් ඇතුළත මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඔහු රැගෙන ඒමට ප‍්‍රංශය බලා පිටත්ව යාමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම කුඩු අංජු මෙරට රැගෙන ඒම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මේ වනවිටත් ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ යටතේ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.
කුඩු අංජුගේ බිරිඳ ප‍්‍රංශ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි පසුගියදා ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ.
කුඩු අංජු වෙනත් කාන්තාවක් සමඟ සිටින බවට තොරතුරු දැනගැනීමත් සමඟ නීත්‍යානුකූල බිරිඳ එම ස්ථානයට ගිය පසු ඇතිවූ අරාවුලක් මෙම පැමිණිල්ලට මුල් වී තිබූ අතර, තමන්ට කුඩු අංජු විසින් පහරදුන් බවටද නීත්‍යානුකූල බිරිඳ එම පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.
ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක්ද නිකුත් කර ඇති කුඩු අංජු ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් ද සිල්වාගේ ඝාතනය ඇතුළු තවත් ඝාතන කිහිපයක් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.