/
/
title icon
ඉන්දීය ගුවන් හමුදා ප‍්‍රධානියා දිවයිනට.
ඉන්දීය ගුවන් හමුදා ප‍්‍රධානියා දිවයිනට.
Editor
1 year ago
Share:
ඉන්දීය ගුවන් හමුදා ප‍්‍රධානියා දිවයිනට.

 

ඉන්දීය ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියා. අනතුරුව ඔහු හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ බව සඳහන්.

 

2021 සැප්තැම්බර් මාසයේ එරට ගුවන් හමුදාපති ධුරයට පත්වූ ඔහු මෙරට සංචාරයේදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ, අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් මුණගැසීමට නියමිත බවයි ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ.

 

මෙම සංචාරයේදී ඉන්දීය ගුවන් හමුදාපතිවරයා කලාපීය ගුවන් හමුදා අතර සහයෝගීතාවන් වර්ධනය කරගැනීම, ඒකාබද්ධ පුහුණුවීම් හා තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම, සමුද්‍රීය ආවේක්ෂණ මෙහෙයුම් පුළුල් කිරීම වැනි කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ඇති.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required