
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙන්ම සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ද පවසන්නේ මෙම මිල අඩුවීම ගාස්තු අඩු කිරීමක් සඳහා ප‍්‍රමාණවත් නොවන බවයි.
එමෙන්ම අමතර කොටස් මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි එම සංගම් පවසන්නේ.
කෙසේ වෙතත් ඉන්ධන මිල සංශෝධනය වීමට සාපේක්ෂව සිදුකළ යුතු ගාස්තු සංශෝධනය ගණනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.
මේ අතර, පෙට්රල් මිල අඩු කිරීමට සාපේක්ෂව ගාස්තු අඩු කළ නොහැකි බවයි සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ.