
කිව් ආර් කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම නුදුරේදීම අත්හිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක ප‍්‍රකාශ කළා.
සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක කියා සිටියේ කිව් ආර් කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම නුදුරේදීම අත්හිටුවන බවයි.
මේ අතර, මේ වනවිට ශ‍්‍රී ලංකාව පුළුල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාවට නංවා ඇති අතර, ජාතික ඵලදායීතා කොමිසම පිහිටුවීම එහි ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් වනවා.
ඊට අදාළ දැනුම හුවමාරු කරගැනීම වෙනුවෙන් කොමිසමේ ක‍්‍රියාකාරී කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහය ඇතිව ඕස්ට්‍රේලියාවේ ඵලදායිතා කොමිසන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.