
වෙසක් සතිය නිල වශයෙන් ආරම්භ කිරීම අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අද සිදුකරනු ලැබුවා.
වසර 136 කට පෙර මෙරට පළමු බෞද්ධ ධජය එසවූ කොටහේන දීපදුත්තමාරාම පුරාණ විහාරස්ථානයේදී බෞද්ධ ධජය ඔසවමින් අග‍්‍රාමාත්‍යවරයා වෙසක් සතිය නිල වශයෙන් ආරම්භ කළ බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.