
මෙරට ප‍්‍රධාන පෙළේ සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසියාටා සමාගම සමඟ, සිය මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට එයාටෙල් ලංකා පුද්ගලික සමාගම තීරණය කර තිබෙනවා.
ඩයලොග් සමාගමේ අධ්‍යක්ෂ හා සමූහ ප‍්‍රධාන විධායක සුපුන් වීරසිංහ විසින් මේ පිළිබඳ කොළඹ කොටස් වෙළඳපල වෙත නිල වශයෙන් දැනුම් දී ඇති අතර පවතින නීති සහ රෙගුලාසිවලට අනුව දෙපාර්ශවයම නියාමන බලධාරින් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද සඳහන්.
නියාමන බලධාරින්ගේ සහ කොටස් හිමියන්ගේ අනුමැතියෙන් පසු අදාළ කොන්දේසි සපුරාලීමත් සමඟ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඉදිරියේදී සිදුකෙරුණු ඇති බවද ඩයලොග් සමාගමේ අධ්‍යක්ෂ හා සමුහ විධායක සුපුන් වීරසිංහ කොටස් වෙළඳපළ වෙත දැනුම් දී තිබෙනවා.