
අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩුකර තිබෙනවා.
ඒ අනුව, කිලෝග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3638 ක්. කිලෝග‍්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 40 කින් අඩු කර ඇති අතර, එහි නව මිල 1462 ක් බවයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ප‍්‍රකාශ කළේ.
කිලෝග‍්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 681 ක්.
කෙසේ වෙතත්, තම සමාගමේ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකරන බවයි ලාෆ්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි නිරෝෂන් පීරිස් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.