
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටී.එන්.එල් ඉලංගසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී මහේස්ත‍්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේ අදාළ රෝහල් කාර්යමණ්ඩලයේ 10 දෙනාගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවන ලෙසටයි.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල ආගන්තුක ජෛව සාම්පල දෙකක් ඇතුළත් බවට අනාවරණය වුණා.
ඒ අනුවයි ඒවා කාගේදැයි සැසදීම සඳහා ඩී.එන්.ඒ. වාර්තා කැඳවිය යුතු බවටයි අධිකරණයට දැනුම් දුන්නේ.
මීට පෙරද දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව ප‍්‍රවීණ ක‍්‍රිකට් විචාරක බ‍්‍රයන් තෝමස්ගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවීමටද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කර තිබුණා.