
2022 පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැඩි ඇප කොන්දෙසි මත මුදා හැර සිටින ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කි‍්‍රඩක ධනිෂ්ක ගුණතිලකගේ නඩුව මැයි 18 වනදා දක්වා අද කල් තැබුණා.
ඒ, එම නඩුව යළි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදි කැඳවනු ලැබු අවස්ථාවේදීයි.
එහිදී අභියාචනයක් ඉදිරිපත් කිරිමට ධනිෂ්ක වෙනුවෙන් පෙනි සිටි නීතිඥ ඇලන් සහිනොවික් සැලසුම් කර තිබුණද නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්ත නීති අධ්‍යක්ෂවරයා විසින් මෙම නඩුව තවත් සති දෙකකට කල් තබන ලෙස ඉල්ලා සිටියා.
ඒ, ධනිෂ්ක ගුණතිලකට ගොනුකර තිබෙන චෝදනා සහතික කිරිම සඳහා ලබාදී තිබෙන මාස 06 ක කාලයද ඉක්මවා යන පරිදියි.
මෙම කල් තැබීමට විරෝධය පළ කල ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඇලන් සහිනොවික් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේ සිය සේවාදයකයා දැඩි ඇප කොන්දේසි සහිත සහ සීමිත පවුල් සමාජ ආශ‍්‍රයක් ඇති විදේශීය පුරවැසියෙකු බැවින් නඩුව මෙලෙස කල් දැමිමෙන් ඔහු අනිසි ලෙස අපහසුතාවට පත් වන බවයි.