
උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතුවලට සහභාගිවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මෙම තීරණය දැනුම් දුන්නේ අද පස්වරුවේ කැළණිය විශ්වවිද්‍යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.
මේ අතර ජනාධිපතිවරයා සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා ඇති සාකච්ඡුාව ලබන සතියේදී ලබාදීමට නියමිතව ඇති බවද සඳහන්.
පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් වූ අතර, පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 22 වනදා සිටයි.
කෙසේ වෙතත් මේ දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එහි පිළිතුරු පත‍්‍ර අධීක්ෂණය කිරීමේ කටයුතුවලට එක් නොවූයේ රජයේ නව බදු ප‍්‍රතිපත්තියට විරෝධය පළ කරමින්. ඒ අනුව පිළිතුරු පත් ඇගයීම් කටයුතු මේ වනවිට දින 72 ක් ප‍්‍රමාදවී තිබෙනවා.
කෙසේ වෙතත් උසස් පෙළ විභාගයට පෙනී සිටි ළමුන්ගේ දෙමාපියන් පිරිසක් සහ ජන අයිතීන් සුරැකීමේ සංවිධානය අද මානව හිමිකම් කොමිසමේ අනුරාධපුර කාර්යාලය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරුපත් ඇගයීම් කටයුතුවලට සහභාගී නොවීම මුල්කරගනිමින්.
මේ අතර උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ට මාර්ගගත ක‍්‍රමයට අයදුම්පත‍්‍ර යොමු කිරීමට ලබාදුන් කාලය අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වනවා.
එසේම විශ‍්‍රාමික ගුරුවරුන් අදාළ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු සඳහා යොදාගැනීමට රජය ගත් තීරණය නිවැරදි නොවන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළා.